spot_img
spot_img

විශේෂ බස් රථ ධාවනය අද සිට

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් වූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ, උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවන බවයි.

ඒ අනුව, කොළඹ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද ලබන 10 වනදා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම සේවාව යටතේ දෛනිකව විශේෂ දුම්රිය ගමන්වාර 12ක් පමණ යෙදවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, ලබන 15 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...