spot_img
spot_img

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා අද අධිකරණයට

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියට ඊයේ (21) පැමිණි අවස්ථාවේදීයි.

පසුගිය 13 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අදාළ පැහැර ගැනීම සිදුව තිබුණා.

මෝටර් රථයක ගමන් කරමින් සිටි චීන ජාතිකයෙකු පරීක්ෂා කිරීම සඳහා තමන් පොලිසියේ බව හඟවමින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබූ අතර, එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ද එම චීන ජාතිකයා සන්තකයේ තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් එහිදී මෝටර් රථයේ දොරටු විවෘත කරමින්, තමන් සතුව තිබූ මාංචු යුගලක් ද පෙන්වා චීන ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය හා මෝටර් රථය ද පරීක්ෂා කර ඇති අතර, පසුව මෝටර් රථයේ තිබූ මුදල් බෑගය රැගෙන පළාගොස් තිබෙනවා.

එහිදී චීන ජාතිකයාද ඔවුන් පසුපස හඹාගොස් ඇති අතර අදාළ සිදුවීම අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය වැටලීමක නියුතු වී සිටි කොල්ලුපිටිය දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් අහඹු ලෙස මෙම සිදුවීම දැක සැකකරුවෙකු ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් තනිවම මෙම කොල්ලකෑම සිදුකළ බවයි.

නමුත් දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම් හා ඔහුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව තවත් සැකකරුවන් සිව් දෙනෙකු පිළිබඳ අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ අතර තවත් චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේ දී ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා සහ අනෙක් පිරිස මුදල් බෙදා ගැනීම සඳහා කොළඹ තුරග තරග පිටිය ආසන්න ප්‍රදේශයේ රැදී සිට ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

පසුව කොල්ලකෑම සිදුකළ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමඟ ඔවුන් එම ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

කෙසේවෙතත් පසුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ ‍පුතා කොල්ලුපිටිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...