spot_img
spot_img

සමහර දේශපාලන පක්ෂ මැතිවරණ නීති කඩ කරලා

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවෙස්වලට අත් පත්‍රිකා බෙදා හැරීමට පෙළපාළියේ ගමන් ගත් බව කියන ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දෙසීයක පමණ පිරිසක් ඊයේ (16) විසුරුවා හැරි බව තිස්සමහාරාම පොලීසිය පවසනවා.

මැතිවරණ නීතියට අනුව නිවෙස්වලට අත්පත්‍රිකා බෙදා හැරීමට යා හැක්කේ ආධාරකරුවන් පස් දෙනකුට පමණයි.

ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතා කළ දැනුම්දීමක් අනුව තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි කුඩාගොඩගේ මහතා වහා ක්‍රියාත්මකවී ඒ මොහොතේම එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

උපරිම වශයෙන් පස් දෙනකු බැගින් ගෙයින් ගෙට යන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී එම ජාතික ජන බලවේග ආධාරකරුවන්ට උපදෙස්දී තිබෙනවා.

මේ අතර ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීමට පස් දෙනකු බැගින් පමණක් යන ලෙසට දුන් නියෝග ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම කඩ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අනුව වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...