Saturday, May 9, 2026
spot_img
spot_img

සෙලිබ්‍රෙටි චරිත නිසා වැනසෙන සමාජය

පියුමි හංසමාලි කීවොත් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඇය ඒ තරමටම ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක්. පියුමි ගැන කතා කරද්දි පියුමිගේ පුතා පසුගිය දවසක රිය අනතුරක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට පහරදීමක් කළා යැයි චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

කෙසේ නමුත් ඇප ලබා නිදහස් වූ ඔහු පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය වගේම රූපවාහිනී නාලිකාද පුවත් වාර්තා කර තිබුණි. ඒ සියලු දේවල්වල අසත්‍ය තොරතුරු ඇතුළත් වී තිබුණු බවත් තමන්ගේ පුතාට පහර පිට පහර එල්ල කළ බවත් පියුමි ඉතාමත් අසතුටින් සමාජ වෙත අදහස් පළ කර තිබුණා.

කෙසේ නමුත් නැවත වතාවක් පියුමිගේ පුතාට අපහාස කරපු පුද්ගලයකුට ඇය සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ බැණ වැදී තිබුණි.ඇය ලේසියෙන් පුතාට දොසක් කියන කෙනෙක්ව අතාරින්නේ නෑ.එනිසාම පියුමි ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත පල කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

” hi good evening my darlings මගෙ දරැවාගෙ ඇදමයි නම් පෙන්නෙ එක අපේ වරදක් නොව තමුන්ලාගෙ ඇස් වල වරදක් ඔතනත් උනෙ අපි රැ ගෙදර හිටිය ඇදුම් පිටින් galle face ගියා කොල්ලට කන්න bugger එකක් ගන්න ගියා සියා කෙනෙක් ආවා සෙරප්පු නැතුව එයා හරිම වයසයි මගෙ පුතා එයා දාගෙන ඉන්න සෙරප්පු ගලවලා දුන්නා එතන හිටිය අය නම් දැක්කා උන ෙද ඉතිං තව ඉදිරියටත් මම ගැනත් මගෙ පුතා ගැනත් දිගටම හොයන්න ඔන මගෙ පුතාට අද කලපලුවාව අය බනිනනවා එයා එහෙ අය කැමති නැ කොල්ලා හයියෙන් bike එකෙ යන සද්ද නිසා.

හැබැයි nelum plce එකෙ ඉන්න බලු අම්මලා බලු ලමයි සෙරටම පුංචි කාලෙ ඉදලම මගෙ පුතා තමයි පාසැල් යන්න කලින් උෙද 7 ට එයාලා ඔක්කටම කන්න බොන්න දාලා තමයි මගෙ දරැවා පාසැල් යන්නෙ එච්චර ලස්සන හදවතක් තියන දරැවව අද ලංකාවාක් හංවඩු ගහනවා කලපලුවාව ඉන්න ඔක්කම දන්නවා මගෙ දරැවා කොච්චර හොද දරැවෙක්ද කියලා එත් එක වරදක් උන ගමන් ඇති ලංකාවෙ news වලත් headline එක වෙන්න මොකා අකමැති උනත් එ අයගෙන් මට වැඩක් නැ මගෙ දරැවට මම ඉන්නවා එ හොදටම ඇති

මෙම පුවත බොහෝ මාධ්‍ය වල වාර්තා කර තිබු අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට අයත් ගොසිප් නාලිකාද මෙය පළකර තිබුනා.
කෙසේ වෙතත් සෙලිබ්‍රෙටි චරිත නිසා සමාජය සීග්‍රයෙන් පිරිහෙන බව පැවසුවද එම පුහු චරිත සේම සමාජයේ කඩාවැටීමට නව මාද්‍ය වල හැසිරීමද බලපෑ තිබෙනවා. හොදින් හෝ නරකින් ජනප්‍රිය වූ පමණින් එම ඕනෑම චරිතයක් උස්සගෙන යාම සමාජ මාද්යවල විව්ස් ගැනීමට බලපා තිබෙනවා.

පියුමි හන්සමාලිගේ මෙම ප්‍රකාශයේ එක් පැතිකඩක් පමණක් හුවා දක්වන මාධ්‍ය පියුමි ම පවසන පරිදි සිය පුතාගේ විශාල වැරද්දක් හරිම පොඩි දෙයක් ලෙස ලස්සනට සමාජ ගත කර තිබෙනවා.එනම් පුතා ශබ්ද නගා යතුරු පඩි ධාවනය කිරීම සහ පාසල් වියේ දරුවෙකු යතුරුපැදි පැදීමයි. නීතිමය වැරදි නොපෙනෙන සමාජ හිංසාව නොපෙනෙන සෙලිබ්‍රෙටි යන වචනය නිසා වැරදි සාමන්‍ය කරණයට ලක්වන අපුරු සමාජයක් මේක.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...