spot_img
spot_img

ඉන්දියාවේ පාලන බලය යළිත් මෝදිට?

පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇති බව අනාවැකි පළ කරනවා.

73 හැවිරිදි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ, මෙවර මැතිවරණයෙන් ආසන 400කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමයි.

කෙසේ නමුත්, පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350ත් 380ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ලබන බවයි වාර්තා වන්නේ.

දින 44ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (4) සිදුවෙනවා.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලොක් සභාවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අරමුණින්.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂයයි.

කොංග්‍රස් පක්ෂය සෙසු සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද හවුල් කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ නව සන්ධානයකින්.

මෙය ‘ඉන්දියා’ යනුවෙන් හැදින්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...