spot_img
spot_img

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා මේවන විට ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘතිය සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,

“වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Brain Health යන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම.

ඒ අනුව දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමු වැඩසටහනක් ආරම්භ කර ඇත. එමඟින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීමට ක්‍රමවේද හඳුන්වා දී ක්‍රියාත්මක කරන අතර නියමු ව්‍යාපෘතිවල සාර්ථක ප්‍රතිඑල ලැබී ඇති බව වාර්තා වී ඇත.

මේක රජයේ ප්‍රමුඛතාවයක් හැටියටත් අපි මැදිහත්වෙන කාරණයක්. ඒක, එක ක්‍රියාවකින් අපිට පාලනය කරන්න හෝ නියාමනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳව විතරක් නෙවෙයි. අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැන කතා කරමින් ඉන්නවා. අධ්‍යාපනය තුළත් වෙනත් අවස්ථාවලත් සමාජ මාධ්‍ය භාවිතාව Digital Health කියන එක ගැන උපදෙස් ලබා ගනිමින් අපේ රටට සුදුසුම ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් මේ අවුරුද්ද තුළ කැබිනට් එකට ඉදිරිපත් කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...