spot_img
spot_img

ජනතාවට සේවයයි මගේ එකම අරමුණ – සජිත් ප්‍රේමදාස

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කරන විට විවිධ පාර්ශ්ව දොස් නගන බවත්, තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කරගෙන ප්‍රතිරූප ගොඩනගා ගැනීමට සහ සමාජ මාධ්‍ය හරහා බොරු ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එවැනි පුහු දේවල් නොකර සැබවින්ම ජනතාවට සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ හොරොව්පතාන වගොල්ලාගොඩ බෝධිරුක්ඛාරාම මහා විහාරයේ සුවිසල් ධර්ම ශාලාව ගොඩනැගීම වෙනුවෙන් මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී ඔහු විසින් රු. 215,000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.

දිට්වා කුණාටු සමයේ විපතට පත් ජනතාව වෙනුවෙන් විවිධ දේ ලබා දෙන බව පැවසුවද අද කිසිවක් නොකර දුකට පත් ජනතාව සමඟ සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමට රජයේ පාර්ශ්වය කටයුතු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

අදටත් දිට්වා නිසා අසරණ වූ ජනතාවට වගා හානි, දේපළ හානි, ජීවිත හානි සහ විකල්ප ඉඩම් හෝ නිවාස සඳහා නිසි උත්තරයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

ගොවිතැනේ නියැලෙන ජනතාවගේ වී කිලෝවට රු. 150ක් ලබා දී ගොවියා රජකරවන බව පැවසුවද, අද ගොවියාට අපහාස කර අවලාද නගන බවත් පාර්ලිමේන්තුවේ ගොවියා ගැන කතා කිරීමට පවා තහනම් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අගනුවර ටයි කෝට් පැළඳගෙන වී මිල තීරණය කරන අයට ගොවි ගැටලු නොතේරෙන බවත්, පොහොර, තෙල් සහ කෘෂි රසායන මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තමා දිගටම පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...