Wednesday, April 22, 2026
spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය නැවතත් ?

මෙවර පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා.

අද (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකා ජයසුන්දර මහත්මිය :

“සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළා. ඒ මූලික පරීක්ෂණ වාර්තාවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණ සිදුකරනවා. ඒ අනුව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා උපදෙස් දුන්නා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...