spot_img
spot_img

සරත් ෆොන්සේකාත් මහ ඡන්දෙට නොඑයි

මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය.

“ජනාධිපතිවරණයේදී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාසකරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි… විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා. ඒ අයගෙන් ප්‍රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා. ඊළඟට මම හිටපු අගමැතිවරයා සමග සාකච්ඡාකළා, හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡාකළා ගෑස් සිලින්ඩරයේ ඉන්න පිරිසත් සමග ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශනයක් ඇති වුණේ නැහැ. ඒ ප්‍රතිඵලය අනුව මම තීරණයකළා මේ මැතිවරණයේදී තරග කරන්නේ නැහැකියලා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...