spot_img
spot_img

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නේ දේශපාලන අරමුණකින් නෙවෙයි – රංජිත්

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ඔහු අද (14) මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව කියා සිටියා.

කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි ඔහු පවසන්නේ.

එහිදී පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය , ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බව ඔහු පෙන්වාදෙනවා.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපක් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...