spot_img
spot_img

සජබෙ වේදිකාවේ සමගිය කැඩිලා – වසන්ත, රෝහිණි ඇවිලෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙනවා.

ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනුු දැකගැනීමට හැකි වුණා.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබෙන අතර ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි.

නමුත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙස රෝහිනී විජේරත්න මහත්මිය ඉල්ලා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...