Sunday, April 19, 2026
spot_img
spot_img

RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව (28) පස්වරුවේ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශනයක් ආරම්භ කළේය.

අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය.

එහිදී අනාවරණ වී තිබුණේ නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර ”බර සහතික” ලබාගෙන ඇති බවය.

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධීව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල වේ.

ඒ අනුව සැකකරු (27) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

ඒ, කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේදීය.

මේ අතර අදාළ සැකකරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...