මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසනවා.
වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතුවී තිබෙන බව ද පොල් පර්යේෂණායතනය අවධාරණය කළා.
පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත් පොහොර වල අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවද පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.




