spot_img
spot_img

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යන සෑම අවස්ථාවකදීම එහි වාසිය පාරිභෝගික ජනතාවට අනිවාර්යයෙන්ම ලබා දීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැවසූ අමාත්‍යවරයා, මිල ගණන් තීරණය කිරීම ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් මත පදනම් වන බව පෙන්වා දුන්නේය.

වත්මන් ඉන්ධන සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, දැනට ඩීසල් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දේ. සහනාධාර ලබාදීම නතර කිරීමේ සූදානමක් නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.

ඉන්ධන සහනාධාරය සඳහා කැබිනට් මණ්ඩලය විසින් බිලියන 57ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදල තවමත් සම්පූර්ණයෙන්ම භාවිත කර නොමැත.

මාර්තු මාසයේ සිට මෙරට ඉන්ධන මිල ඉහළ ගියේ මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා බවත්, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන විට එම සහනය පාරිභෝගිකයා වෙත අනිවාර්යයෙන්ම මාරු කරන බවත් ඔහු සහතික කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...