අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම යළිත් ජුනි 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී අමාත්‍යවරයාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණි.
මෙම පෙත්සම සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
Comments




