spot_img
spot_img

මුදල් නොමැතිව රනිල් ප්‍රචාරණ කටයුතු නවත්තලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් කර තිබූ ප්‍රචාරක රැස්වීම් තිහක් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් සීමා කිරීමට සිදුවීම මතයි.

රට පුරා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් 90කට ජනාධිපතිවරයා සහභාගි වීමට සංවිධානය කර තිබූ නමුත් මේ වන විට ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත එම ප්‍රමාණය හැට දක්වා අඩු කර තිබෙනවා.

කෙසේවෙතත් ගම් මට්ටමෙන් කුඩා කණ්ඩායම් රැස්වීම් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, විශාල මහජන රැළි පැවැත්වීමේදී බස් කුලියට ඇතුළු කටයුතු සදහා විශාල වියදමක් දැරීමට සිදුවන බවයි.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු විසින් ඡන්දදායකයෙකු සඳහා වැය කළ හැක්කේ රුපියල් 109ක මුදලක් පමණයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...