spot_img
spot_img

රාමනාදන් අර්චුනා අත්අඩංගුවට.?

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (26) නියෝග කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමටයි.

වෛද්‍ය රාමනාදන් අර්චුනා විසින් 2021.03.22 දින කොළඹ බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳ වූ අවස්ථාවේදි මෙම නියෝගය ලබාදී තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ැති අතර මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදු වී නැහැ.

මෙම නඩුවේ අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...