spot_img
spot_img

ජාතික අවම වැටුප ඉහළට

ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ යනු ඇත.

ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් ඉහළ දැමීමටද හැකිවන පරිදි එම පනත සංශෝධනය කිරීමටද මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් මෙම වැටුප් ඉහළදැමීම් නිර්දේශ කර තිබුණා.

ඒ අනුව, ජාතික අවම වැටුප එලෙස ඉහළ දැමීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන පනත සංශෝධනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...