spot_img
spot_img

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙයි ?

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේවන විට ගැටළු සහගත වි ඇති බවය.

“සමහර රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. නමුත් ඒවායේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න, පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම මේ වන විට සේවාවේ නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඔවුන්ට වැඩි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම තුළින්. අපි විශේෂයෙන් නව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කරනවා මේ සේවාවන්වල පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන්න කියලා. එහෙම නොවුනොත් සෞඛ්‍ය සේවාව කාර්ය මණ්ඩලය නොමැති වීම හින්දා බිඳ වැටීමක් ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන්ම සිදුවෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...