spot_img
spot_img

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අද පාර්ලිමේන්තුවට

රටේ මූල්‍ය පාලනය තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ, පසුගිය වකවානුවේ රටේ ඇති වූ අර්බුධකාරී වාතාවරණයට මූල්‍ය විනය ලිහිල්වීමද බලපෑ බවයි.

ඒ අනුව රටේ මූල්‍ය විනය ශක්තිමත් කරමින් මහ බැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී පනත් රාශියක් ගෙන ඒමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳව වගකීම මෙම පනතේ මූලික හරය බවත්, දීර්ඝ කාලයක් තිස්සේ මුදල් රෙගුලාසී මගින් මූල්‍ය පාලන කටයුතු සිදුවූ බවත්, ඔහු පවසනවා.

එම මූල්‍ය රෙගුලාසිද වරින්වර වෙනස් වීමට ලක්වී මූල්‍ය ප්‍රතිපත්ති දිසාව පමණක් ආවරණයවන පරිදි 2003 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ආ අතර, ඒ අනුව නව තාක්ෂණයට ගැලපෙන පරිදි, පෙරකී මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පනත්වල යහපත් කරුණු සියල්ලද එක්කොට මූල්‍ය පාලනයේ සියලු පැතිකඩ ආවරණයවන පදිරි මෙම නව පනත ගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම පනත මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවට ඇති වගකීම් බොහෝ සෙයින් වැඩිකර ඇති බවත්, බොහෝ වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවට නිරතුරු කරුණු ඉදිරිපත් කිරීමේ නව වගකීම් මෙමගින් මුදල් අමාත්‍යවරයාට පැවරෙන බවත්, ඔහු පවසනවා.

ජනතාවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ සොයා බැලීමට ඇති අයිතිය එමගින් වැඩි කර ඇති අතර, ඒ අනුව මෙය ඉතාමත්ම විනිවිද භාවයෙන් යුත් ජනතාවාදී වූ පනතක් බව එහිදී අමාත්‍යවරය වැඩිදුරටත් සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...