spot_img
spot_img

නීතිපති රැකගන්න පොහොට්ටුව පෙරට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුවට නීතිපතිවරයාගේ කටයුතු කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත්, නීතිපතිවරයාගේ ස්වාධීනවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනී සිටිනා බවයි.

නීතිපතිවරයාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

නීතිපතිවරයාට එරෙහිව නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු අවධාරණය කළා.

“ඉතාම භයංකර තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මං හිතන්නේ වෛද්‍යවරයෙක් වුණත් නලින්ද ජයතිස්ස කියන පුද්ගලයා ඉතාම, මේ රට මහ භයානක තැනකට ගෙනියන්න උත්සාහ දරමින් ඉන්නවා.

මොවුන්ට මූලික වශයෙන් අවබෝධ්‍යක් නෑ රටක අධිකරණය වධායකය සහ ව්‍යවස්ථාදායකය කියන්නේ එකිනෙකින් ස්වාධීන ආයතන තුනක් කියන එක. අධිකරණයට බලපෑම් කරන්න, මේ රටේ අපි නිදහසේ ජීවත් වෙන්නේ. කවදාවත් කිසිම රජයක් අධිකරණයට බලපෑම් කරලා නෑ.

අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පුරුකක් වන නීතිපතිවරයාට ප්‍රසිද්ධියේ තර්ජනය කරන තත්වක් තියෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම අහිතකර තත්වයක්. තමන්ට ඕනෑ ආකාරයට නීතිපතිවරයාට කියලා කටයුතු කරන්න බෑ නීතිපතිවරයා කියන්නේ ස්වාධීනව සාක්ෂි තියෙනවා නම් සාක්ෂි මත කටයුතු කරන පු්ගයෙක්.

අපි දැක්කා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉතාම බැරෑරුම් ප්‍රකායක් කරනවා. නීතිපතිවරයා සම්බන්ධයෙන් කමිටුවක් ඉදිරියට කැඳවනවා වගේ අදහසක් එන ප්‍රකාශයක් කළා. මෙවැනි දෙයක් කරන්න බෑ නීතිපතිවරයා කින්නේ ආණ්ඩුවට ඕනෑ විදියට නඩු දාන පුද්ගලයෙක් නෙවෙයි සාක්ෂි අනුව කටයුතු කරන පුද්ගලයෙක්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...