spot_img
spot_img

ජනපතිගේ මංගල රැලිය අනුරපුරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක් වූ කණ්ඩායම ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිතය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට සමගි ජනබලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා එක්ව තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නිල වශයෙන් විජිත් විජයමුණි සොයිසා මහතා ඒ පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබේ.

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම වෙනුවෙන් නව සන්ධානය පිහිටුවීම ලබන 16 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ව මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරයාට සහාය පළකිරීම සඳහා ඉදිරිපත් වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනය තුළ පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...