spot_img
spot_img

2035 වසර වනතුරු දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර තේරී පත්වෙයි

ශ්‍රී දළදා මාලිගාවේ 19වැනි දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල මහතා යළිත් පත්ව ඇතැයි ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කරයි.

ඒ අනුව ඡන්ද 195 ක් ලබා ගනිමින් 2035 වසර වනතුරු දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර දෑල මහතා විසින් දරනු ලැබේ.

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළ ඡන්දය විමසීම අද (07) මහනුවර එක්සත් බෞද්ධ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ප.ව 2 පැවැත්වුණි. ඒ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර ඡන්දය ප්‍රකාශකිරීම සඳහා 362 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මේ සඳහා ප්‍රතිපාදන හිමිව තිබේ. ඒ අනුව මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා අතිපූජ්‍ය මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු ඇතුළු උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක රජමහා විහාර 157 ක භාරකාර හිමිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරු 170 ක් මෙන්ම බස්නායක නිළමේවරු 31 ක් ද,විහාර හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...