spot_img
spot_img

මත්පැන් සාදයකින් පසු පුද්ගලයෙක් මිය යෑම ගැන විමර්ශනයක්

මත්පැන් සාදයකින් පසු පහරදීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පුද්ගලයකු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සමඟ මත්පැන් සාදයට සම්බන්ධ වූ පිරිසක් සැකපිට අත්අඩංගුවට ගැනීමට සඳහා පරීක්ෂණ පවත්වන බව  කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසනවා.

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබුණා.

පසුගිය 25 වැනි දින රාත්‍රියේ මරණයට පත් පුද්ගලයා තම මිතුරන් පිරිසක් සමඟ එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති බවද එහිදී අධික ලෙස බීමත්ව සිටි ඔහු මිතුරන් විසින් නිවසට ඇරලවීමට යෑමේදී අනතුරකට ලක්ව ඇති බව සඳහන් වුණා.  

අධික බීමත්කම නිසා ඔහු රැගෙන යමින් සිටියදී ඇද වැටීමකින් තුවාල ලැබූ බව සඳහන් කරමින් මිතුරන් විසින් ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා පසුගියදා (27) මරණයට පත් වූ අතර  එම මරණය ඇද වැටීමකින් නොව හිසට සිදු කළ පහරදීමකින් සිදුවූ සැක කටයුතු මරණයක් බවට පසුව අනාවරණය වී තිබුණා.

ඒ අනුව මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කළ කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ෆිලීෂියන් පෙරේරා මහතා සිද්ධිය වූ ස්ථානය හා මෘත දේහය ද නිරීක්ෂණය කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා දේහය යොමු කිරීමට නියම කර මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම් දී තිබෙනවා.

පොලීසිය පවසන්නේ  ඔහුගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට ඔහු සමඟ මත්පැන් සාදයට සම්බන්ධ වූ මිතුරන් පිරිස සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...