ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර නායකත්වය දෙන, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය, අද (29) සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් ඊට අදාළ ගිවිසුමට කොළඹදී අත්සන් තැබුවා.
ඒ, ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමස්ත ලංකා සමෘද්ධි සංර්වර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.
මෙම අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ, දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ඇති කරන බවයි.




