spot_img
spot_img

පාඨලී ජේවිපි එකට මඩ ගහන්න පටන් අරන්

රජයේ විශ්ව විද්‍යාල වලට නවක වදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බවටත් ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බවයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා :

“නවක වදය කියලා ලිංගික වද හිංසා වලින් පටන් අරන් තිරස්චීන වද ක්‍රියාවලියක් විශ්ව විද්‍යාල වලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. මොකද උනේ? පුද්ගලික විශ්ව විද්‍යාල කියලා මහා ජාලයක් ඇති වුණා. රජයේ විශ්ව විද්‍යාලයට දරුවා යවන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ පුද්ගලික විශ්ව විද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අනුර දිසානායක මහත්තයලා. විශ්ව විද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒගොල්ලෝ. දරුවන්ට ලැබිච්ච එක ම දේ කඳුළු ගෑස් පමණයි. මොකද ඒවයි වද වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි. දැන් මොකද කිව්වේ? හැම පුද්ගලික විශ්ව විද් යාලයටම විරුද්ධ වුණා. මම කියනවා පුළුවන් නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්ව විද්‍යාල ටික පෙන්නන්න කියලා රජයේ විශ්ව විද්‍යාලය. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇරියේ. පුළුවන් නම් කියන්න මගේ දරුවෝ මෙතන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්ව විද්‍යාලයේ ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...