ප්රංශයේ පැරිස් පැරාලිම්පික් තරගාවලිය අද (28) ආරම්භ වනවා.
ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී පළමුවෙන් නවිඩ් රෂිඩ් තරඟ බිමට පිවිසීමට නියමිතයි.
ඔහු හෙට (29) පස්වරු 01ට මීටර 400 නිදහස් ආර පිහිනුම් මූළික වටයේ තරගයට පිවිසීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා සහභාගි වීමට මෙරට 8 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියා.
එෆ් 44 හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් සමිත දුලාන්, එෆ් 42 යගුලිය දැමීම ඉසව්වෙන් පාලිත බණ්ඩාර තරග කිරීමට නියමිතයි. එමෙන්ම ටී 44 මීටර 100 ඉසව්වේන් නුවන් ඉන්දික, ටී 42 මීටර 100 ඉසව්වේන් අනිල් ප්රසන්න ජයලත්, ටී 46 මීටර 1500 ඉසව්වේන් ප්රදීප් සෝමසිරි තරග කිරීමට සූදානම්.
මේ අතර, රෝද පුටු ටෙනිස් ඉසට්වේන් සුරේෂ් ධර්මසේන මෙන්ම එස් 09 පිහිනුම් ඉසව්වෙන් නවිඩ් රෂිඩ් සහ ටී 47 දුර පැනීම ඉසව්වේන් ජනනි ධනංජනා යන ක්රීඩක ක්රීඩිකාවන් ශ්රී ලංකාව නියෝජනය කරමින් තරග කිරීමට නියමිතයි.
මෙවර පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 184 ක් සහභාගී වනවා.




