spot_img
spot_img

ලාංකිකයින් ප්‍රාණඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් අත්අඩංගුවට

රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් මුදල් ලබාගෙන ඇති බව නේපාල පොලීසිය පවසනවා.

එම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාට පාකිස්තාන ජාතිකයින් විසින් පහර දී වධ හිංසා පමුණුවා තර්ජනය කර විදෙස් ගමන් බලපත්‍ර ද පැහැරගෙන ඇති බවට වාර්තා වනවා.

අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ශ්‍රී ලංකාවට නැවත එවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව නේපාල පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...