spot_img
spot_img

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – ඉස්පිරිතාලවල ලෙඩුන් මැරෙන එක සාමන්යකර්ණය කළ කෙහෙළිය කට අරී

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වෙල මහතා චෝදනා කර ඇත්තේ වත්මන් රජය තමන් සහ තම පවුලේ සාමාජිකයන් සිරගත කිරීමට උත්සාහ දරන බවයි.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කෙහෙළිය රඹුක්වෙල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

මෙම චෝදනා පත්‍රය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබේ.

අල්ලස් හා දූෂණ කොමිසම විසින් කෙහෙළිය රඹුක්වෙල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව චෝදනා 43ක් ගොනු කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසුවේ,
“මේ රජය මට සහ මගේ පවුලට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටී. ඔවුන් මා සහ මගේ පවුල සිරගත කර, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වධ හිංසා කිරීමට උත්සාහ දරයි. එහෙත්, අපි සිරගෙදර ජීවිතයට බිය නැත. සත්‍යය කවදා හෝ එළියට එනු ඇත. යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” යනුවෙනි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...