spot_img
spot_img

සියලුම ප්ලාස්ටික් බෝතල් සඳහා නව නීතියක්

දේශීයව නිෂ්පාදනය කරන ලද නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල්, පානීය ද්‍රව ආවරණ සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන SLS නිෂ්පාදන සහතික කිරීමේ සලකුණ මෙම නිෂ්පාදන සඳහා අනිවාර්ය කර ඇත.

මෙම නීතිය නිෂ්පාදකයන්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන්, ගබඩා හිමියන් සහ වෙළඳුන් ඇතුළු සියලුම අදාළ පාර්ශවයන්ට බලපායි. SLS සහතිකය නොමැතිව මෙම නිෂ්පාදන තොග හෝ සිල්ලර වශයෙන් නිෂ්පාදනය, ඇසුරුම් කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම්.

මෙම ගැසට් නිවේදනය 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

නිෂ්පාදකයන් හා වෙළඳුන් මේ සඳහා කල්තියා සූදානම් වීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ සම්බන්ධ වී SLS සහතිකය ලබා ගැනීමට පියවර ගත යුතුය. වැඩිදුර තොරතුරු සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල වෙබ් අඩවි බලන්න.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...