spot_img
spot_img

ශ්‍රී ලංකාවේ ලියෝ සමාජ සදහා නව සභාපතිවරයෙක් පත් වේ

Leo District 306 හි බහු මණ්ඩලය හට නව ලියෝ සභාපතිවරයෙක් පත් කර ඇත. එම පත් වීමට අදාළව නිලධාරීන් ස්ථාපිත කිරීමේ උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය 29 වන දින පැවැත්විණි.

ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නවමු අත්දැකීමක් සමග මෙම උත්සවයට පැවැත්විණි. මීට රට පුරා විසිරී සිටින ලියෝ සමාජ සාමාජිකයින්, දිස්ත්‍රික් නිලධාරීන්, හිටපු සහ වර්තමාන ලියෝ නායකයින්, සිංහ සමාජ නියෝජිතයින් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

“Lead for a Change” යන තේමාව යටතේ මෙම වසර ක්‍රියා කරන බවත් මෙලෙස රට පුරා ලියෝ සමාජ වෙත නායකත්වය දීමට නීතිඥ නිසල් දුල්මිත් මහතා මෙලෙස නායකත්වය සදහා ස්ථාපිත විය. වෘත්තීමය වශයෙන් නීතිඥවරයෙකු වන එම මහතා මෙකී සමාජ වල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස වසර 10 ට වඩා අධික කාලයක් කටයුතු කර ඇත. එමෙන්ම මෙම උත්සවයේදී බහු මණ්ඩල සාමජිකයින් පත්වීම් සිදු කරනු ලැබූ අතර දිස්ත්‍රික් සභාපතිවරු, උප සභාපතිවරුද ස්ථාපිත කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ සිංහ සමාජයන්හි සභාපති, W.R. රොද්‍රිගෝ සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රජිත රොද්‍රිගෝ මහතාද ගෞරව ආරාධිත වශයෙන් හිටපු සිංහාධිපති විරාජ් වික්‍රමසිංහ මහතාද තවත් අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය අලංකාර විය.

ලියෝ සාමාජ තුළින් මෙරටට සිදු කළ ඇති සේවාව අතිමහත් වන අතර මෙම නව නායකත්වය සමග විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. විශේෂයෙන්ම පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, නායකත්ව කුසලතා ශක්තිමත් කිරීම සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ නව අවස්ථා හඳුනා ගැනීම මෙම ලියෝ සමාජ මගින් මුලිකවම අපේක්ෂා කෙරේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...