ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද,එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.
අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට තරඟය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි.
ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා :
” මහින්ද රාජපක්ෂ මහතාට අපි අදටත් ආදරෙයි.එතුමා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම,තෙවනුවත් මව්බිම කියලා.එහෙමනම් මව්බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තියෙනවා.මහින්ද මහත්තයා රට දින්න එක එතුමාට ආදරේ කළාට,එහෙමයි කියලා එගොලන්ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරේ කරන්නේ නෑ.
නාමල්ට අභියෝගයක් තියෙනවා සීලරත්න හාමුදුරුවන් එක්ක,ඊට වඩා එක චන්දයක් හරි ගන්න කියලා.දැන් තියෙන්නේ තරඟය අපිත් සජබයත් අතර”




