spot_img
spot_img

රටේ ආරක්ෂාව ගැන නාමල් කියයි

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙරට තානාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතු බවයි ඔහු පවසන්නේ.

සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවත් ඔහු පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදියි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...