Wednesday, April 22, 2026
spot_img
spot_img

ජනපතිවරණ අපේක්ෂකයි​න් බහුතරයක්​ම රූකඩයි​න් – උදය ගම්මන්පිළ

ජනපතිවරණයට ඉදිරිපත්ව​න ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ මහතා මේ බව සදහන් කළේ, අද (12) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

1981 දී ජනාධිපතිවරණ පනත සම්මත කරන විට පක්ෂයක අපේක්ෂකයෙකුට රු 50,000ක්, ස්වාධීන අපේක්ෂකයෙකුට රු 75,000ක් ලෙ​ස ඇප මුදල් නියම කළ බවයි ඔහු පවසන්නේ.

මෙ​ම ඇප මුදල් ඉල්ලීමෙන් බලාපොරොත්තු වන්​නේ බොරු අපේක්ෂකයින් ඡන්දයට පැමිණී​ම වැලැක්වීම බව​ත් යම් අපේක්ෂකයෙක් 5%කට අඩුවෙන් ඡන්ද ලබා ගත්තො​ත් ඇප මුදල රාජ සන්තක වන හේතුවෙන් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ උදය ගම්මන්පිළ මහතා ;

“ලංකා ඉතිහාසයේ පැවැත්වුණු සෑම ජනපතිවරණයකම ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නා හැරුණු විට අනිත් සියළුම අපේක්ෂකයින්ගේ ඇප මුදල රාජ සන්තක වෙලා. ඒත් සෑම ජනපතිවරණයකටම අපේක්ෂකයින් බුරුතු පිටින් ඉදිරිපත් වෙනවා. 2019 ජනපතිවරණයට අපේක්ෂකයින් 35ක්.මේ පාර ඊටත් වැඩි වේවි. ඒ ඇයි?

සමහර අපේක්ෂකයින්ට මුදල් කුට්ටියක් ගෙවලා ඉදිරිපත් කරන්නේ ප්‍රධාන අපේක්ෂකයින්. ඒ ජනපති අපේක්ෂකයින්ට ලැබෙන මාධ්‍ය ඉඩ භාවිතා කරලා තමන්ගේ ප්‍රතිවාදි අපේක්ෂකයින්ට පහර දෙන්න. තවත් සමහරු ඉදිරිපත් වෙන්නේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත් වෙන්න. එහෙම නැතිනම් කුණු වෙන්න පැරදුනත් නැවත නැවත ඉදිරිපත් වීමේ හේතුව මොකක්ද? අවස්ථා දෙකක දී ඡන්ද 20,000ට අඩුවෙන් අරන් තුන්වන වරටත් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුත් ඉන්නවා.

අද වන විට රුපියල පිරිහිලා. රු 50,000ක් 75,000ක් කියන්නේ මාසික වැටුප තරමට වටිනාකම පහත වැටිලා. 1981 දී රු20ක් වුණු ඩොලරය අද රු300යි. එදා රු10ක් වුණු පෙට්‍රල් ලීටරය අද රු345යි. ඒ නිසා රු75,000ක් සොයා ගෙන ජනපතිවරණයට ඉදිරිපත් වීම විලාසිතාවක් වෙලා. මැතිවරණ කොමිසම කියන විධියට වැඩි වෙන එක අපේක්ෂකයෙකු සඳහා වැය වන වියදම රුපියල් මිලියන 200යි.

ඒ නිසා ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10ක් කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.තමන්ට කැපී පෙනෙන්න, අනුන්ට මඩ ගහන්න මොවුන් මේ භාවිතා කරන්නෙ මහජන මුදල්. ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අවම වශයෙන් එක් මන්ත්‍රි ධූරයක් වත් දිනා ගන්න බැරි වුණු පක්ෂ වලට ජනපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදිය යුතුයි කියා අපි යෝජනා කරනවා. මේ යෝජනා අපි වරින් වර ඉදිරිපත් කළත් තමන්ගේ ප්‍රතිවාදි අපේක්ෂකයින්ට මඩ ගහන රූකඩ අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දිය යුතු නිසා කිසිම ආණ්ඩුවක් මේවා ක්‍රියාත්මක කලේ නෑ.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...