Thursday, June 4, 2026
spot_img
spot_img

පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරිය නගරයේදී මහදවල් වෙඩි තබා ඝාතනය කිරීමෙන් සිද්ධියෙන් පසුවය.

පාතාලයට මේ ආකාරයට නැටීමට ඉඩ දුනහොත් රටේ සාමය පවත්වාගෙන යන්නේ කෙසේදැයි එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රබලව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

අත්‍යවශ්‍ය සේවා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද එම මැති ඇමතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දිනවල හිටිහැටියේ කළ දුම්රිය වැඩ වර්ජනයෙන් මගීන් විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්වීම සැලකිල්ලට ගෙන යැයි කියති.

ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද දැඩිව පෙන්වාදී ඇත.

ඇතැම් වෘත්තීය සමිති නායකයන්යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ගන්නා තීරණ නිසා මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්වන බව ප්‍රකාශ කර ඇති රණතුංග මහතා දුම්රිය වර්ජනය හේතුවෙන් ඇති වූ තදබදය නිසා ගම්පහ ප්‍රදේශයේදී මගියෙකු දුම්රියෙන් වැටී මිය ගිය බවද සිහිපත් කළේය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණවලදී අවාසි සහගත තත්ත්වයක් ඇතිවුවත් ජනතාව පීඩාවට පත් කරන වර්ජකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගතයුතු බවයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාද ජනතාව පීඩාවට පත් කරන වර්ජකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගතයුතු බව පෙන්වාදී ඇත.

ඉල්ලීම් දෙන බව පවසා තිබියදී දුම්රියසේවකයන් මෙසේ වර්ජනය කිරීම සහ ගහන අපරාධයක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...