Friday, January 30, 2026
spot_img
spot_img

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගෙදර යයි!

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...