Sunday, April 19, 2026
spot_img
spot_img

මුඛ ආවරණ පළඳින්න…! | නිවේදනයක් නිකුත් වෙයි!

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි ද එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන් හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස සියලුම කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට දන්වමින් “මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් නිකුත් කළ 2025.06.02 දිනැතිව බස්නාහිර පළාත් සභාවේ සියලුම ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යවමින් අදාළ ලිපියේ නිකුත් කරන ලද උපදෙස් නැවත සලකා බලා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමින් කාර්යාල තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව කියා සිටී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් COVID 19 ගෝලීය වසංගතය වර්ෂ 2023 මැද භාගයේ දී නිමා වීමෙන් පසුව ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ COVID 19 රෝගය ද අනෙකුත් බෝ වන රෝග ගණයට ඇතුළත් කර ඇති බව ද සඳහන් කර ඇත.

ඒබැවින් ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග තත්වයක් වැසි කාලයේ දී වැඩිවීමත් සමග COVID 19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බවත් පොදුවේ ගත් කළ ශ්වසන රෝග කළමණාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව සිදු කරන බව ද දක්වා ඇත.

එබැවින් COVID 19 වළක්වා ගැනීම ද විශේෂ අවදානම් තත්වයක් ලෙස දැනට සැලකීමට අවශ්‍යතාවයක් නොමැති බව ද මෙම අවස්ථාවේ දී මෙවැනි විශේෂිත ක්‍රියාමාර්ග පොදුවේ නිර්දේශ කිරීමෙන් අනිසි ප්‍රථිපල ඇතිවිය හැකි බව ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.

වැඩිදුරටත් අදාළ ලිපිය මඟින් කරුණු දක්වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ආයතන වෙත මෙවැනි නිර්දේශ ලබාදීම අනිසි බියක් ඇති වීම සහ එදිනෙදා කටයුතු වලට බාධාකාරී තත්වයක් උද්ගත වීමට බලපානු ඇතැයි ද එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසා බලා පමණක් මෙවැනි උපදෙස් ලබාදෙන්නේ නම් මැනවි යැයි ද සඳහන් කර ඇත.

තව ද මෙම වකවානුවේ දී මෙවැනි මෙවලම් පොදුවේ නිර්දේශ නොකළ යුතු අතර පෞද්ගලික ආරක්ෂාව පිණිස යම් අයෙක් ස්වේච්ඡාවෙන් හෝ වෛද්‍ය උපදෙස් මත මුව ආවරණ පළදින්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බව ද ලේකම්වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇත.

තව ද, කැස්ස, සෙම්ප්‍රතිශයාව (ඉන්ෆ්ලුවන්සා වැනි) ඇති අය සේවයට පැමිණීම සීමා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද, පෞද්ගලික ස්වස්ථාවය පවත්වාගැනීම සහ අන් අයට රෝග බෝ වීමේ හැකියාව අඩු කිරීම සඳහා එවැනි රෝග ලක්ෂණ ඇති අය පමණක් මුව ආවරණ පැළදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් බව ද ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...