spot_img
spot_img

සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබේ.

එම නිසා විභාගය සමතුන්ට ලබාදී ඇති පත්වීම් අනීතික යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහන් කර තිබේ.

එම විභාගයෙන් තෝරා ගන්නා ලද නිලධාරීන් මේ වන විට සුරාබදු අධිකාරීන් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවද සුරා බදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර සේවය කරන ලද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයකු යටතේ එම විභාගය පවත්වා ඇතැයිද එම විභාගය අක්‍රමිකතා රැසකින් සමන්විත වූ ඇති බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිදුකළ එම විමර්ශනයේදී හෙළි වී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් ආයතන වලින් අයවිය යුතු බදු මුදල රුපියල් කෝටි 700 ක් පමණ වන බවද පැවසේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුරාබදු අය කිරීමේ

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...