spot_img
spot_img

එදා සිට මහින්දට හිතවත් වූ එස්.එම්.ගේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට අද (30) තීරණය කළා.
ඒ අනුව, එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවද තීරණය කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය ලබා දෙන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව අද රැස්කර ඇති අතර එහිදී එම කමිටුව මගින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබුණා.
එම තීරණයත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු ලෙස සලකන එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කෙරුණා.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පොහොට්ටුවේ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සෑම විටම අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන අතර ඒ සඳහා චන්ද්‍රසේන මහතා නායකත්වය ගනිමින් කටයුතු කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ කමිටුව පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කරන බවයි.
ඒ අනුව ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...