තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
මේ බව ඔහු කියා සිටියේ (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
පාර්ලිමේන්තු මාන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි ඔහුට පහර දිමෙන් ඔහුගේ පාදයට බරපතළ තුවාල සිදු වු බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්ථා හතරකදි මාධ්‍යය හරහා ඔහුට චෝදනා කළ බව පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
”මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා, මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
ගුණතිලක රාජපක්ෂ එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා, මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා.
එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා.
ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාන්ත්‍රී ජගත් , කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාන්ත්‍රී ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාන්ත්‍රී සහන් ප්‍රදිප්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මාන්ත්‍රී මදුර විතාන යන අය, පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා.
මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂට පහර දුන්නා කියලා , පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නැ.
එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශතාවයක්. ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා , මම ඒ සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නවා” යනුවෙන්.




