Saturday, June 6, 2026
spot_img
spot_img

මහින්දානන්ද – ගුණතිලක වලිය ගැන සොයන්න පොලිසිය ජනපති කාර්යාලයට

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඉන් පසු එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.

තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බව ද රාජපක්ෂ මහතාගේ කට උත්තරයේ සඳහන් වේ.

පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරා‍හේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට පෙරේදා (5) ඇතුළත් කරනු ලැබීය.

මේ අතර ගුණතිලක රාජපක්ෂ මහතා සිය ආබාධය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.

ගැටුම සම්බන්ධයෙන් කට උත්තර සියල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.

අනතුරුව අධිකරණ ලබාදෙන නියෝග අනුව පොලිසිය අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...