spot_img
spot_img

සැවොම දැනුවත් කරමු – “අපි Focus වෙමු” කුරුණෑගල වුණේ මෙහෙමයි

ජවසම්පන්න තරුණ බලවේගයක් තුළින් තිරසාර සංවර්ධිත රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකේය තරුණ පරපුර තුළ ධනාත්මක පරිවර්තනයක් ඇති කරමින් ඔවුන්ගේ හෙට දවස දීප්තිමත් කළ හැකි වැඩපිළිවෙලක් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව පවසමින් එක්සත් ජාතික පක්ෂය ආරම්භකල කැන්වසින් ව්‍යාපාරය ඊයේ දින රට පුරා සිදුකෙරුණා.

ඒ අනුව රට පුරා සිටින තරුණ තරුණියන් සහ පොදු මහජනතාව එකම ඉලක්කයක් කරා යොමු කිරීම උදෙසා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් විසින් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහනේ තවත් අදියර‍යක් ඊයේ (7) කුරුණෑගල ගම් නියංගම් සිසාරා සිදුවුණේ කටුගම්පල කේන්ද්‍ර කරගනිමින්.

එහිදී කටුගම්පොල ප්‍රදේශයේ එක්සත්ජාතික පාක්ෂිකයන් අත්පත්‍රිකා බෙදමින් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් ‍රටක් ලෙස විජයග්‍රහණය කිරීමට මුළු රටම එකම ඉලක්කයකට ෆෝකස් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදුකෙරුණා.

එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා,එක්සත් ජාතික පක්ෂයේ උප නායක, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුනෑගල දිස්‌ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා,එක්සත් ජාතික පක්ෂ කටුගම්පල නැගෙනහිර කෝරලයේ කලාප සංවිධායක තුමන් වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුශාර සම්පත් යන දේශපාලක්ඥයින් ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදුකෙරුනා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...