spot_img
spot_img

කථිකාචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

ශ්‍රීමත් ජෝන් කොතලාව ආරක්ෂක විද්‍යාලයේ අචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ ‍ (28) සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු අද ( 29) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...