spot_img
spot_img

ණය ආපසු නොගෙවූ ‘ඔන්ක්‍රෙඩිට්’ 100කට නඩු

ජංගම දුරකථන ඔස්සේ අයැදුම් කර මාර්ගගත ක්‍රමය යටතේ ලබාගත් රුපියල් කෝටි ගණනක ණය ආපසු නොගෙවූ, දිවයින පුරා පදිංචි ණය ගැනුම්කරුවන් සියයකට අධික පිරිසකට එරෙහිව ‘ඔන්ක්‍රෙඩිට්’ නමැති සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයට ඊයේ (16) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

එම ණය ගැනුම්කරුවන්ට ලබන සැප්තැම්බර් 13 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි යැවීමට, කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා නියෝග කළා.

කොළඹ 7 පිහිටි සීමාසහිත ‘ඔන්ක්‍රෙඩිට්’ පුද්ගලික සමාගම 2022, 2023 හා 2024 යන වසරවලදී ඔන්ලයින් ඔස්සේ ණය අයැදුම් කළ රට පුරා පදිංචි සියයකට අධික පිරිසකට රුපියල් 90,000 හා ඊට අඩු ප්‍රමාණයේ ණය ලබාදීම සිදුකළ බවත්, ණය ගැනුම්කරුවන්ගෙන් කිසිදු සුරැකුමක් ලබානොගෙන ඔවුන් යොමු කළ බැංකු ගිණුම්වලට යොමු කළ එම ණය මුදල්, ගෙවීම හිතාමතාම පැහැර ඇති බවත්, පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මහතා අධිකරණයට පැවසුවා.

එම ණය මුදල් ගෙවීම හිතාමතාම පැහැර හැර තිබූ කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, ගාල්ල, මාතර, මන්නාරම, පුත්තලම ඇතුළු රට පුරා පදිංචිකරුවන් පිරිසකට එලෙස නඩු පවරා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...