අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් (LAUGFS) ගෑස් මිල ද සැලකිය යුතු මුදලකින් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමීව මෙම මිල සංශෝධනය සිදු කර ඇත.
ඒ අනුව, මෙතෙක් පැවති මිල ගණන් වෙනස් කරමින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,965ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,988ක් වන බව ලාෆ්ස් සමාගම නිවේදනය කරයි. මෙම මිල පහළ දැමීමත් සමඟ පාරිභෝගික ජනතාවට විශාල සහනයක් හිමිවනු ඇත.




