spot_img
spot_img

කුරුණෑගල කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (25) දින සිදුකළ මෙම වැටලීමේ දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගත බවයි.

කුරුණෑගල, වාරියපොළ සහ මාස්පොත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබු බවට වාර්තා වුණා.

මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා මෙරට දී එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා තිබෙනවා.

ඒවායේ ගැනුම්කරුවන් පවසන්නේ මෙම ආයතන වලින් මිල දී ගත් යතුරුපැදි ලියාපදිංචිකර ගැනීමට නොහැකි බවයි .

ජාවාරම සම්බන්ධයෙන් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...