spot_img
spot_img

කතරගම ප්‍රධාන කපුවාට තහනම් වු දේවාල භුමිය

රුහුණු මහා කතරගම දේවාලයට ජූජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයින් දෙදෙනාගේ කපු ධුරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.

ඔහු නිවේදනයක් මඟින් සඳහන් කරන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ තනතුරු විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවයි.

ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන් හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාල චෝදනාව එල්ලවී තිබෙන කපුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...