spot_img
spot_img

සලේගේ ගුද මාර්ග පරීක්‍ෂාවෙන් GSP+ අහිමිවීමේ අවදානමක්..?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිත කිරීම සහ බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සලේ මහතාට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන GSP+ යුරෝපා ආර්ථික සහන අහිමි වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි ලෙස භාවිත කරන බැවින් එය වහාම වෙනස් කරන ලෙස හෝ ඉවත් කරන ලෙස යුරෝපා ආර්ථික ප්‍රජාව දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම රට වෙනුවෙන් විශාල ජාතික මෙහෙවරක් ඉටුකළ බුද්ධි අංශ ප්‍රධානී සලේ මහතා වද හිංසනයට ලක් කරන බවට මානව හිමිකම් කොමිසමට කර ඇති පැමිණිලි ජාත්‍යන්තරයට වාර්තා වීම මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බව ඒ මහතා සඳහන් කළා.

මෙවැනි කරුණු ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වීම ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහන කෙරෙහි ඍජු අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව හිටපු අමාත්‍යවරයාගේ අදහසයි.

සලේ මහතා ත්‍රස්තවාදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටියදී, නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කළ බව CIDය විසින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ඉදිරියේ පිළිගෙන තිබේ.
සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය මාර්තු 08 වනදා සිදුවූ මෙම අමානුෂික ක්‍රියාව රහස් පොලිසිය මෙතෙක් වසන් කළද, මානව හිමිකම් කොමිසම හමුවේ ඔවුන්ට එය පිළිගැනීමට සිදුවූ බවයි.

සලේ මහතාව සිරකුටියෙන් පිටතට ගෙන, නිරුවත් කර, ඉදිරියට නැවීමට සලස්වා සිදුකළ මෙම පහත් ක්‍රියාවට අදාළ CCTV දර්ශන සහ නිලධාරීන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස කොමිසම CIDයට නියෝග කර තිබේ.

පවතින අසාධාරණයට එරෙහිව සලේ මහතා අඛණ්ඩ උපවාසයක නිරත වන අතර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ නල මාර්ගයෙන් දියර ආහාර ලබා දෙමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ කරති. කිසිදු වාතාශ්‍රයක් නැති, පැය 24 පුරාම විදුලි බල්බ දල්වා තිබූ අඩි 6×4 කූඩුවක ඔහුව රඳවා තබා ඇති අතර, පළමු දින 40 පුරාම සිමෙන්ති පොළොවේ නිදා ගැනීමට සිදුව ඇත.

මිග්‍රේන් රෝගයෙන් පෙළෙන ඔහුව මීයන් බහුල, දැඩි දුර්ගන්ධයක් සහිත වැසිකිළිය අසල සිරකුටියක දමා සැලසුම් සහගතව මානසිකව වට්ටවා ඇති බවට බිරිඳ චෝදනා කරයි.

යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට හිමිවන්නේ ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ ප්‍රඥප්තීන් 27ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මතය.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAT) 2 වන වගන්තිය ප්‍රකාරව කිසිදු තැනැත්තකු වධහිංසාවට හෝ අමානුෂික, අවමන් සහගත සැලකීමකට ලක් නොකළ යුතුය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) 7 වන වගන්තිය මඟින් වධහිංසා පැමිණවීම් සපුරා තහනම් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම සහ රැඳවියන්ට වධහිංසා පැමිණවීම නැවැත්වීම GSP+ සහනය පවත්වාගෙන යාම සඳහා සපුරාලිය යුතු ප්‍රධානතම කොන්දේසියකි.

යුරෝපා සංගමයේ නීති රීතිවලට අනුව, GSP+ ප්‍රතිලාභ ලබන රටක සිදුවන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමට ඔවුන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම් පැමිණ විමර්ශනය කරනු ලබයි.

පසුගිය කාලසීමාව පුරාම යුරෝපා සංගමය අවධාරණය කළේ ලංකාවේ PTA පනත අවභාවිත කිරීම සහ රඳවා සිටින්නන්ට වධහිංසා පැමිණවීම වහාම නැවැත්විය යුතු බවයි.

හිටපු බුද්ධි ප්‍රධානියකුට CIDය තුළදීම මෙවැනි වධහිංසාවක් සිදු වීමත් සමඟ, ඉදිරියේදී පැමිණීමට නියමිත යුරෝපා සංගම් නියෝජිතයන් මෙම සිදුවීම පිළිබඳව දැඩි ලෙස නිරීක්‍ෂණයට ලක්වනු ඇත.

මෙමඟින් මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක වන ඩොලර් මිලියන ගණනක GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානම මේ වන විට ඉහළ මට්ටමක පවතී.

අමාත්‍ය දූරය හොබවන සමයේ රුපියල් 2500කින් පවුලක් නඩත්තු කරන්න පුළුවන් බව පවසන ලද්දේ ද බන්දුල ගුණවර්ධන මහතායි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...