spot_img
spot_img

රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද? – අනුර

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉන්ධන විදුලිය ගෑස් කිසිදු හිගයකින් තොරව අඛණ්ඩව සපයන බව ජාතික ජන බලවේගගේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම අධ්‍යාපනය ආහාර සෞඛ්‍ය සඳහා ඇති වැට් බද්දද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් හැකි ඉක්මනින් විදුලි බිල 30%කින් පහල දමන බවයි ඒ මහතා පවසන්නේ.

දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට රුපියල් 17500ක මුදලක් ගෙවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඇතුළු කරලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජීවත්වෙන්න අපහසුකම් තියෙන පවුල්ටික තෝරලා රුපියල් 10,000ක්, අමාරුම කෙනාට රුපියල් 17,500ක් දක්වා ගෙවන්න කටයුතු කරනවා.ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ බෙදාගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න. තියෙන ඒවත් අත්හැරලා දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කිරීම තමයි අපේක්ෂාව.

එයාලා කියන්නේ අපි ආවොත් තෙල් නැතිවෙයි කියලා. රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද?, රනිල් ආවේ නැතිනම් ගෑස් නැතිවෙනවලු. ඒ කියන්නේ රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද.අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, තෙල්, ගෑස්, විදුලිය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජන බලවේගය කරනවා”.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...