ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු තීරණය කළේ මුලින් ම පන්දුවට පහර දීමටයි.
තරගය චෙන්නායිහි එම්. ඒ චිදම්බරම් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.
මෙවර තරගාවලියේ දී කොල්කටා කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අවස්ථා හතරක දී එකිනෙකා ගැටී ඇති අතර, ඉන් තරග දෙක බැගින් කණ්ඩායම් දෙක ම ජයග්‍රහණය කර තිබීමත් විශේෂත්වයක්.
Comments




